ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන් වහන්සේගේ යහපත්කම

“අයියෝ”. මී වද පෙට්ටියක් විවර කර සියලුම මී මැස්සන් මියගොස් ඇති බව දුටු විට මාගේ ප්‍රතිචාරය එය විය. එය හොඳින් වැඩුණු මී පැණි වලින් පිරී ගිය වදයක් විය. මා එය මද ශීත සෘතුවක් තුළත් නඩත්තු කළෙමි. ඉක්මණින් අස්වැන්න ගැනීමට බලාපොරොත්තු වූයෙමි. නමුත් ඌෂ්ණ කාලගුණය තුළ ඇති වූ සීතල අවස්ථාවක එය කඩා වැටුණි.

මම ප්‍රාදේශීය සත්ව පාලන උපදේශකගෙන් ඇසීමි. “බොහෝ මී…

අරගලයෙන් ශක්තිය

පිරිමි ළමයා සහ සමනළයා ගැන කථාව ජෙස් ඇසුවේ ඔහු වයසින් වැඩෙන විටදීය. අරගලයෙන් ශක්තිය ලැබෙන බවට වූ කථාන්දරයේ පාඩම ඔහු වහාම වටහා ගත්තේය. කථාවේ පිරිමි ළමයාට සමනළ කෝෂයක් ලැබේ. නමුත් එය විවෘත නොකරන්න යයි ඔහුට උපදෙස් ලැබුණේය. නමුත් කෝෂය ඔහුගේ අත්වල එහාට මෙහාට දඟලන විට ළමයාට ඉවසාගෙන සිටීමට නොහැකි විය. එම නිසා සමනළයාව නිදහස් කිරීමට දරුවා කතුරක් ගෙන කෝෂය දෙකට…

නම ප්‍රසිද්ධ නැති ස්ත්‍රීන්

විෂබීජ නාශක වලින් මේස පිස දමා ශිලා නැවී භාවිතා කළ ඉවතලන පිඟන් කෝප්ප කුණු බෑගයට දමා ගැට ගැසුවාය. ඇය එය කරේ තබාගෙන සභාවේ රැස්වීම් කාමරය පරීක්‍ෂාකිරීමට ගියාය. ඒ ඊළඟ රැස්වීමට එය සුදානම් කිරීමට ඇය එකඟ වී තිබූ හෙයිනී. ඇයගේ සිතට සිතිවිල්ලක් පැමිණියේය. කවුරුන් හෝ ගණන් ගනීවිද?

අප දේව රාජ්‍යයට දිනපතා කරන සේවාවන් වටින්නේදැයි කල්පනා කිරීම පහසුය. අප පවිත්‍ර කළත්, පත්‍රිකා බෙදුවත්,…

ප්‍රතික්‍ෂේප කළ නොහැකි දෙවියන් වහන්සේගේ බලය

මධ්‍යම කෙන්ටකි පළාතේ ප්‍රවාහන සේවා ස්ථානයක ඔවුන්ගේ මූලස්ථානය අලුත්වැඩියා කළ විට ජනතාව එය දුටුවේ යයි සහතික කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. කුඩා සළකුණක් හෝ දැන්වීමක් වෙනුවට ඔව්හු දැවැන්ත අඩි විසි දෙකක් උස්වූ දැන්වීම් පුවරුවක් ඇතුල් වන ස්ථානයේ තැබූහ. ලෝක වාර්තාවක් වූ එය යන එන කිසිවෙකුට නොපෙනී නොතිබුණේය.

දානියෙල් 6 හි සෙනඟගේ අවධානය නොලැබී නොයන සලකුණක් දෙවියන් වහන්සේ භාවිතා කළ සේක.…

ත්‍යාගශීලීකම අලුත්කිරීම

වෛද්‍ය විද්‍යාලයේ ඇල්බට් අයින්ස්ටයින් ශාලාව පිරී තිබුණි. සිසුහූ අවුරුදු අනූවක් වන රූත් ගොටෙස්මන් කථා කරන විට ඉතා උවමනාවෙන් අසා සිටියහ. ඇය අවසානයේදී පැවසුවේ ඔවුන්ගේ අධ්‍යාපනය නොමිළයේ කර ගෙන යාම සඳහා ඇය ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන බවයි. සිසුහු මුව අයාගෙන ඔල්වරසන් දුන්හ. මෙය වෛද්‍ය විද්‍යාලයකට ලැබුණු වැඩිම පරිත්‍යාගය වන්නේය. එහෙත් පසුව පැවති සම්මුඛ පරීක්‍ෂණ වලදී ඇය පැවසුවේ ත්‍යාගය ලැබූ තැනැත්තා ගොටෙස්මන්…

ගොස් ජේසුස් වහන්සේ ගැන කියන්න

ඇන්ඩීස් කඳුවැටියේ පටු පාරක අපගේ බස් රථය ඉහළින් ඉහළට යන විට මගේ මිතුරෝ සිනහවෙමින් ගී ගැයූහ. මම මගේ ජනේලයෙන් පිටත බැලීමි. අප සහ දකුණු පස ඇති ප්‍රපාතය අතර ආරක්‍ෂිත යකඩ වැටවල් නොමැත. අප ක්‍රම ක්‍රමයෙන් එහි ඉහළටම යන විට මට බියක් සහ කණස්සල්ලක් දැණුනි. අපගේ කෙටි කාලීන මිශනාරී කණ්ඩායම ඉක්වදෝරයේ මෙම පලාතට ආවේ ඇයි කියා මම කල්පනා කළෙමි. එවිට මට…

මිතුරන්ගේ ඇදහිල්ල

සම්මේලනයට සහභාගී වූ කාන්තාවක් එදින දේශනා කිරීම භාරව සිටි ඇයගේ මිතුරිය අසනීපයෙන් සිටින බව දුටුවාය. මිතුරිය වෙත ගිය විට ඇය පිළිතුරු දුන්නේ “මම මෙම දේශනය කරන්නෙමි. උදේ වන විට මට හොඳ නැත්නම් වෛද්‍යවරයෙක් හමුවෙමි” යනුවෙනි. කාන්තාවට දේශිකාවගේ පොරොන්දුව අමතක නොවුණි. මෙම කාන්තාවට ඉක්මණින් ආපසු යාමට අවශ්‍ය වූ නිසා දේශිකාව ගැන සොයා බැලීමට තවත් මිතුරියකට කීවාය.

උදෑසනම දේශකාවගේ හෝටල් කාමරයට තට්ටු…

යාච්ඤාවේ ඇවිදීම

මම හිරවී සිටිමි. බයිබල් පාඩමක අඩක් ලියූ පසුව මගේ අදහස් වියළී ගියේය. “දෙවියන් වහන්ස, මම කුමක් කරන්නද?” මම යාච්ඤා කළෙමි. අප ඇවිදින විට අපගේ නිර්මාණ හැකියාව සියයට හැටකින් ඉහළ යන බව මම පර්යේෂණයක දුටුවෙමි. මම මාගේ නිවස පසුපස ඇති මංපෙතට පිවිස දෙවියන් වහන්සේ සමඟ මගේ කථාව කර ගෙන ගියෙමි. විනාඩි තිහකට පසුව මම නැවත ප්‍රාණවත් වීමි. මම නැවත පරිගනකය වෙත…

දේදුන්නෙන් දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව

ඕවන් පිටරටක නිවාඩුවක සිටින විට හවුල් සේවකයෙක් විසින් සිත කලබලයට පත් කරවන පණිවුඩයක් එවීය.
“ප්‍රධානියා ඔබ වෙනුවට වෙන කෙනෙකු ගන්න හොයන්නේය”. බොහෝ සෙයින් කලකිරී එක් උදෑසනක ඔහු යාච්ඤා කරමින් “ඔබ වහන්සේ කොහේද” කියා දෙවියන් වහන්සේගෙන් ඇසුවේය. ඊට පසු ඔහු ජනේලය වෙත ගොස් කඩතුරාව විවෘත කළේය. විශාල, අලංකාර දේදුන්නක් වැවට ඉහළින් පායා තිබෙනවා ඔහු දුටුවේය. එකෙණෙහිම සැනසුම් සහගත උණුසුමක් ඔහුට දැණුනි.…

දෙවියන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා කිරීම

2 වන ලෝක මහා යුද්ධයේදී ගන්නා ලද ඡායාෑපයක් ගෙන ඇත්තේ නාසි මූලස්ථානයක් පිටත නගරයකය. එය අප සියල්ලන්ට අනතුරු ඇඟවීමක් කරයි. ඒ ඡායාරූපයේ පහසුවට ඇඳ පැලඳගත් කාන්තාවක් පාර හරහා යයි. සූට් එකකින් සැරසුණු මිනිසෙකු පදික වේදිකාවේ ගමන් කරයි. තව අයෙක් ගොඩනැගිල්ලේ කොණක සවිකර ඇති දැන්වීමක් කියවීමට නැවතී සිටියි. ඒ සියල්ලටම ඉහළින් මූලස්ථාන දොරෙහි බැනරයක් එල්ලා ඇත. ගොඩනැගිල්ලෙන් භාගයක් පමණ එය විශාලය.…